23 C
Colombo
Sunday, January 18, 2026

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…

Published:

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් සහ විධිමත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඵමෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙසයි ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අදාළ පාර්ශව සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ධීවර, සංචාරක සහ පොහොර බෙදාහැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෙර ක්‍රමවේදයට අනුව ලංගම ඩිපෝ මගින් හා දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවලදී ඉන්ධන නිකුත් කිරීමට ඵහිදී තීරණය කර තිබෙනවා. අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඉන්ධන පෝලිම්වල සිට වාහනවලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට අලෙවි කරන පුද්ගලයන් සහ කණ්ඩායම් සොයා වැටලීම් සිදුකර ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් ලබා දී ඇත්තේ.

හඳුන්වාදුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද ඵම සාකච්ඡාවේදි අවධානයට ලක්වී තිබෙනවා. ඉදිරියේදී  ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img