27.2 C
Colombo
Tuesday, August 26, 2025

දිවයිනේ ප්‍රදේශ කීපයකට උණුසුම් කාලගුණයක්…

Published:

දිවයිනේ ප්‍රදේශ කීපයකට උණුසුම් කාලගුණයක්…

මේ දිනවල බස්නාහිර, වයඹ පළාත්වලට සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

මෙම නිවේදනයේ සදහන් කර ඇති ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක 32 ත් 41 අතර අගයක් වාර්තාවිය හැකිය.

මේ හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික සහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

එනිසා විවෘත වැඩබිම්වල සේවය කරන පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට කටයුතු කිරීමටත්, උධික උෂ්ණත්වයක් වාර්තා වන කලාපයේ ජීවත් වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමත්, දරුවන් වාහන තුළ ගමන් කරන විට හෝ යම් හේතුවක් නිසා වාහනය තුළ දරුවන් තනිකර දමා බැහැර යන්නේනම් එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙස කාරී කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහැල්ලු ඇදුම් ඇදීමට කටයුතු කිරීමත් වාඩාත් සුදුසු බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

මේ පිළිබද දැඩි අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img