30 C
Colombo
Wednesday, September 3, 2025

දින 32 ක් තුළ ඉන්ධන මිල රුපියල් 661 කින් ඉහළට…

Published:

දින 32 ක් තුළ ඉන්ධන මිල රුපියල් 661 කින් ඉහළට…

අද අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි ඕ සී සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවා. ඒ අනුව දින 32 ක් තුළ මෙරට ඉන්ධන මිල රුපියල් 661 කින් ඉහළ ගොස් තිබෙනවා. අවසන් වරට ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුණේ ඉකුත් මැයි මස 24 වනදා අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව දින 32 ක කාලයක් තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 132 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177 කින්ද මිල ඉහළ ගොස් තිබෙනවා. එම කාලය තුළදී ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 171 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 181 කින් ඉහළ දමනු ලැබුවා.

මේ අතර මෙම වසර ආරම්භ වන විට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177 ක් ලෙසද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 207 ක් ලෙස ද පැවතුනා. වසර ආරම්භයේදී ඔටෝ ඩීසල් ලීටරයක මිල පැවතුනේ රුපියල් 121 ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 159 ක් ලෙස පැවතුනා.

ඒ අනුව මෙම වසර ආරම්භයේ සිට අද දිනය දක්වා අවස්ථා 04 කදී ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ මාර්තු 12 වනදා, අප්‍රෙල් 18 වනදා, මැයි 24 වනදා සහ අද දිනයේදීයි. මෙලෙස ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථා 04 තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 293 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 343 කින්ද, ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 339 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 361 කින් ද ඉහළ ගොස් තිබෙනවා.

එවන් පසුබිමක් තුළ අද අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන මිල යළි ඉහළ දමනු ලැබුවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ ගියේ රුපියල් 50 කින්. එහි නව මිල වනනේ රුපියල් 470 ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 550 ක්.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 60 ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 460 ක්. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 520 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,496FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img