28 C
Colombo
Thursday, October 16, 2025

ද්විත්ව පුරවැසි අවුල ලිහන්න කථානායක අධිකරණ ප්‍රධානීන් හමුවීමට සැරසෙයි…

Published:

කථානායක මහින්ද යාපා අබේවර්ධන, නීතිපතිවරයා ඇතුළු අධිකරණ ප්‍රධානීන් ඉදිරි දිනවල හමුවීමට නියමිත බව වාර්තා වනවා.

ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා මෙම හමුව සිදුවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දැමීමේ හැකියාව අහිමිව යනවා.

පාර්ලිමේන්තුවට මේ වනවිටත් තේරී පත්ව සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්ටත් එම අලුත් නීතිය එකසේ බලපාන්නේ ද යන්න සම්බන්ධව කථානායකවරයා විසින් අධිකරණ ප්‍රධානීන්ගෙන් කරුණු විමසීමට බලාපොරොත්තුවන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,274FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img