27.2 C
Colombo
Monday, July 7, 2025

දළදා ප්‍රදර්ශනයේ 3 වැනි දිනය අදයි

Published:

දළදා ප්‍රදර්ශනයේ 3 වැනි දිනය අදයි

ඒ අනුව දහවල් 12 සිට පස්වරු 05.30 දක්වා සැදැහැවතුන්ට දළදා වහන්සේ දැක වැදපුදාගැනීමේ අවස්ථාව හිමිවේ.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකියි.

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක ජනතාව මෙලෙස පෝලිම්වල රැදී සිටිනවා.

ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් වශයෙන් ප්‍රවේශ මාර්ග ඔස්සේ මාලිගාවට ඇතුළු වීමේ හැකියාව පවතිනවා.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැඳැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා අද දිනයේ ද විශේෂ දුම්රිය සහ බස් රථ සේවා ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img