31.7 C
Colombo
Sunday, July 6, 2025

දකුණු කොරියානු ජනපති නෙරපා හරියි

Published:

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද තීන්දු කළේය.

ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග කෙරුණු අතර, එතෙක් ධුරයේ කටයුතු කරන්නේ වත්මන් වැඩබලන ජනාධිපති හන් දොක් සූ යි.

අද සිට දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීම අනිවාර්ය වෙයි.

රටට හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් කටයුතු කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වනදා ය.

ඒ සමඟ එරට දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමටත් එරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කටයුතු කළේය.

ඔහු සම්බන්ධ නඩුවක් එරට ව්‍යවස්ථා අධිකරණයට ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය.

එම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී යුන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපීමට අධිකරණය තීන්දු කළේය.

තීන්දුව ලබාදුන්නේ දකුණු කොරියාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවන් 8 දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් විසිනි.

එහිදී ඔවුන් 8 දෙනාම එම තීන්දුවට පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.

මෙලෙස හදිසි යුද නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමගින් රට දරුණු ජාතික ආපදාවකට හෙලා ඇති බවත්, තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා පවසා තිබේ.

එමෙන්ම ලැබී ඇති සාක්ෂි මත පදනම්ව ජනාධිපතිවරයා කටයුතු කර ඇති ආකාරය සාධාරණීකරණය කිරීමට නොහැකි බවත් අධිකරණයේ තීරණය වුණි.

මේ සමඟම ජනාධිපති යුන් සුක් යෝල් වහාම ක්‍රියාත්මක වනපරිදි ධුරයෙන් නෙරපා හරින ලෙස අධිකරණය නියෝග කළේය.

එමෙන්ම ඔහු වහාම මෙතෙක් රැඳී සිටි ජනාධිපති මන්දිරයෙන් ද ඉවත්ව යා යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img