30.6 C
Colombo
Tuesday, January 13, 2026

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තුවල අඩුවීමක්…

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තුවල අඩුවීමක් …

ලබන සඳුදා (23) සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මාතර සිට මීගමුව දක්වාත්, ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස් රථවල ගාස්තු අඩුකරන බවයි මඟී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ. උත්සව සමයේ මඟී ජනතාවට පහසුකම් සැලසීමයි අරමුණ. මීගමුව සිට මාතර දක්වා රුපියල් 720 ක් වූ බස් ගාස්තුව 23 වනදා සිට 700 දක්වා අඩුකර තිබෙනවා.

මීගමුව සිට ගාල්ල දක්වා නව බස් ගාස්තුව රුපියල් 600 යි. අවශ්‍ය සංශෝධන සිදුකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img