දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි අද අනතුරක් සිදු විය.
ඒ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන්.
අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
වෑන් රථයේ ගමන් කළ පිරිස කටුනායක ගුවන්තොටුපොළට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවත් ඔවුන් මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසය පවසයි.
අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.