24.5 C
Colombo
Wednesday, November 26, 2025

තේ දල්ලට හොද මිළක්…

Published:

අමු තේ දළු අස්වැන්නේ අඩුවිමක් දක්නට තිබුනද තේදළු කිලෝවක් සදහා  ඉහල මිලක් මේ වනවිට ලැබෙමින් පවතින බව සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සංවිධානය පවසනවා.

එහි කළමණාකරණ කමිටු සාමාජික කේ.එල් ගුණරත්න පැවසුවේ  දැනට තේ වගාව සදහා රසායනික පොහොර ලැබුණද  තේ දළු අස්වැන්න වැඩිවිම සදහා තවත් මාස කිහිපයක් ගතවිය හැකි බවයි.

මීට පෙර අක්කරයකින් අමු තේ දළු කිලෝ 400ක 500ක අස්වැන්නක් ලබාගත හැකිව තිබුණා. එහෙත් මේ වනවිට තේ දළු අස්වැන්න කිලෝ 300 දක්වා අඩුවි තිබෙනවා.

කෙසේවුවද අමු තේ දළු කිලෝවක් සදහා සාමාන්‍යයෙන් රුපියල් 250ක් මිලක් ලැබෙන බවයි සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සංවිධානයේ කළමණාකරණ කමිටු සාමාජික කේ.එල් ගුණරත්න පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img