25 C
Colombo
Thursday, August 28, 2025

තේ ගැනත් රජය තීරණයක් ගනී…

Published:

කෙටි කාලයක් තුළ මෙරට තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ‍ශ්‍රී ලංකා තේ ම‍ණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

තේ දළුවල ගුණාත්මකභාවය වැඩිකර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව තේ මණ්ඩලය සඳහන් කළේය.

2013 වසරෙන් පසු මෙරට තේ නිෂ්පාදනයේ ක්‍රමික අඩුවීමක් දක්නට ලැබේ.

තේ දළුවල ගුණාත්මකභාවය නොමැතිවීම ඊට ප්‍රධාන හේතුව වී ඇති අතර පොහොර සහ දේශගුණික සාධකයන් ද ඊට බලපෑ අනෙකුත් සාධකයන් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කළේය.

දින හතක් තුළ දළු නෙළීම සිදුකළ යුතුව තිබුණ ද දින 14ක් වැනි කාලයක දී දළු නෙළීම තුළින් තේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය අඩුවන බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් තේ කර්මාන්තකරුවන්, දළු සැපයුම්කරුවන් ඇතුළු එම කර්මාන්තයේ නිරත පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ.

එමගින් තේ නිෂ්පාදනය මෙරට තුළ යළිත් වරක් ප්‍රශස්ත මට්ටමට ගෙන ඒම අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img