30.6 C
Colombo
Monday, July 7, 2025

තුර්කියේ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව තෙවන දිනටත්…

Published:

තුර්කියේ දකුණු කලාපයට සහ සිරියාවේ උතුරු කලාපයට බලපෑ භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇති ගණන 20,000ට ළඟා වෙමින් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් එවන ලද අත්‍යවශ්‍ය ආධාර රැගත් ලොරි හයක් සිරියාවේ ආපදාවට ලක්වූ ප්‍රදේශයට අද (09) ළඟාවූ බවද සඳහන් වෙයි.

සුන්බුන් අතර සිරවී සිටින දරුවන් ඇතුළු පුද්ගලයින් බේරාගැනීමේ සංවේදී දර්ශන මේ වනවිට ලොවපුරා දැඩි අවධානයට ලක්වී ඇත.

තුර්කියට බලපෑ රික්ටර් මාපාංක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින් ගණන මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතී.

පවතින ඉන්ධන හිඟය, විදුලිය ඇණ හිටීම සහ හිමපතනය හමුවේ වුවද මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව තෙවන දිනටත් ක්‍රියාත්මකය.

සිය දරු දෙදෙනාගේ දිවි බේරා මරණය වැළඳ ගත් පියෙකුගේ පුවතක් ද මේ අතරවාරයේ වාර්තා වුණි.

සිය දරු දෙදෙනා තම සිරුරට යටකර ගෙන සිටි පියා වෙත මුදාගැනීමේ කණ්ඩායම් ළඟා වන විට ඔහු මෙලොව හැර ගොස් තිබුණි.

සුන්බුන් අතර සිරවී සිටි අලුත උපන් බිළඳෙකු මුදාගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත්වීමේ සිද්ධියක් ද අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ ආපදාවෙන් පැය 50 කට පසුවය.

පැය 68 ක් පුරා සුන්බුන් අතර සිරවී සිටි වයස අවුරුදු එකහමාරක පමණ ළදරුවෙකු ඇතුළු පවුලක් මුදාගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත්වී තිබුණි.

එමෙන්ම පැය 55 ක් සුන්බුන් අතර සිරවූ දරුවෙකු ද බේරාගැනුණි.

පැය 70 ක් පුරා සුන්බුන් අතර සිරවී සිටි ගැබිණි මවක් බේරාගැනීමට ද තුර්කි මුදාගැනීමේ කණ්ඩායම් සමත්වී තිබුණි.

මුදා ගැනීමේ මෙහෙයුම්වලට ඊශ්‍රායල, පාකිස්තාන ඇතුළු රටවල් කිහිපයක මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය හිමිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img