28.4 C
Colombo
Monday, July 7, 2025

තීරු බදු ගැන ඇමෙරිකාව සමඟ කළ සාකච්ඡා සාර්ථකයි – ජනපති

Published:

තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ කළ සාකච්ඡා සාර්ථක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ අනුව එහි ප්‍රතිඵල ශ්‍රී ලංකාව හා ‍අමෙරිකාව ඒකාබද්ධ ප්‍රකාශයකින් ඉදිරියේදී දැනුම්දෙනු ඇති බවයි ඊයේ රත්නපුර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

කුමන හෝ රාජ්‍යක් කවර ආකාරයකින් තීන්දු ලබාගත්තද ඒ හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්කර ගනිමින් රජය කටයුතු කරමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අනාගත පරම්පරාවේ කිසිවෙක් නැවත ආර්ථික අර්බුදයකට ලක් නොවෙන ආර්ථිකයක් ජාතික ජනබලවේග රජය විසින් ගොඩනැගීමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img