28.4 C
Colombo
Wednesday, September 10, 2025

තීරණාත්මක තරග දෙක අද…

Published:

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පැවැත්වෙන අවසන් තරග දෙක අද (21) පැවැත්වෙනවා.

එහි පළමුවැන්න බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවැත්වෙන අතර, එම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

‘බී’ කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වෙන අතර, එම කාණ්ඩයේ දෙවන තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතරයි.

මෙම කාණ්ඩයේ කණ්ඩයම් හතරම එක් තරගය බැගින් ජයගෙන සිටින අතර, ප්‍රසාද ලකුණු ලබාගැනීමේ සටහනේ දළ ලකුණු ලබාගැනීම අතින් ස්කොට්ලන්තය සහ සිම්බාවේ කණ්ඩායමේ පෙරමුණේ සිටිනවා.

කෙසේ වෙතත් අද (21) පැවැත්වෙන මෙම තරග දෙක ස්කොට්ලන්තය, සිම්බාවේ සහ කොදෙව් කණ්ඩායමට ඉතා වැදගත් වන්නේ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට සුදුකම් ලබාගන්න කවුරුන්ද යන්න මෙම තරග දෙක මත තීරණය වීම හේතුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,144FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img