30 C
Colombo
Thursday, August 28, 2025

තැපැල් වර්ජනය දිගටම – සිවිල් ගුවන් සේවා වෘත්තීකයනුත් වර්ජනයේ

Published:

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් වූ සංදේශයක් අද (29) දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසයි.

තැපැල් මූලස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැත්වෙන උද්ඝෝෂණයෙන් අනතුරුව එම සංදේශය භාරදීම සඳහා පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යාමට කටයුතු කරන බවයි එම සංගමය සඳහන් කළේ.

ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය විසින් දිවයින පුරා ඊයේ පස්වරුවේ සිට දෙදින සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ අතර අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව සිය සංගමයේ සියලුම සාමාජිකයින් අතිකාල සේවාවලින් ඉවත්වී ඇති බව සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය සඳහන් කළේය.

සිය අතිකාල දීමනා ගැටලුවට විසඳුම් ලබාකෙන තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව එම සංගමය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img