24.5 C
Colombo
Sunday, January 18, 2026

ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළට…

Published:

ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළට…

ත්‍රීරෝද රථ ගාස්තු වැඩිකිරීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව කුලී ත්‍රීරෝද රථ පළමු කිලෝ මීටරය සඳහා අයකළ ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව එහි සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේය.

මිල ඉහළ දැමීමත් සමග කුලී ත්‍රීරෝද රථ පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 100ක ගාස්තු අය කිරීමක් සිදුවන අතර දෙවන කිලෝ මීටරය සඳහා රුපියල් 80ක ගාස්තුවක් අය කිරීමට නියමිතය.

ඒ අනුව අද දහවල් 12 සිට එම ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත තිබේ.

මේ වන විට එම ගාස්තු වැඩිකිරීම පිළිබදව මීටර් සමාගම් දැනුවත් කර ඇති අතර ඊට අදාළ ගාස්තු සංශෝධන අද (24) දිනයේ සිදුකරනු ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img