27.2 C
Colombo
Friday, August 29, 2025

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක් දිවයිනට…

Published:

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක් දිවයිනට…

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 02ක් අද අළුයම දිවයිනට රැගෙන ආවා. චීනයේ බිජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකකින්.

ගුවන් තොටුපළ වෙත රැගෙන ආ මෙම එන්නත් තොගය , මෙම ගුවන් යානා වලින් ගොඩ බෑ පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගැණුනා.

අනතුරුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එම සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1,548 දෙනෙකු ඊයේ හදුනා ගැණුනා. ඉන් වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. ඉකුත් 09වනදා සිදුවූ

කොරෝනා මරණ 33ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ඊයේ තහවුරු කළ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,464FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img