29.5 C
Colombo
Tuesday, August 26, 2025

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි… මුළු රෝගීන් සංඛ්‍යාව 21ක්…

Published:

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි… මුළු රෝගීන් සංඛ්‍යාව 21ක්…

කොවිඩ් නයින්ටීන් රෝගීන් තිදෙනකු මරදාන, කුරුණෑගල සහ යාපනය ප්‍රදේශවලින් අද(01) හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව ඉහළ යන්නේ 146 ලෙසින්.

මේ අතර, කොවිඩ් නයිටීන් රෝගීන් ගැවසුණු බවට සැකකෙරෙන බේරුවල ප්‍රදේශයේ පවුල් 51ක් අද නිරෝධායනයට යොමුකෙරුණි.

මාර්තු මස එකලොස්වෙනිදා සිට මේ දක්වා කාලය තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදිත වූ රෝගීන් 146දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනය තුළ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 21ක්.

ඒ අතරින් රෝගීන් දස දෙනෙකුම පුත්තලම සහිරා විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා විය.

ඉන් 08දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් දෙදෙනා කාන්තාවන්.

මේ අතර ඊයේ රාත්‍රියේ මොවුන් පිරිස යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ මුල්ලේරියාව මූලික රෝහලට රැගෙන ආවේය.

ඔවුන්ට ආරක්ෂාව සැපයූ හමුදා සාමාජිකයින් වෛරස් ආරක්ෂිත ඇඳුමින් සැරසී සිටීම විශේෂත්වයක්.

මොවුන් පිරිස ඇතුළු පුත්තලම කඩුමයාන්කුලම් ගම්මානයේ සිටි පවුල් 20ක පුද්ගලයින් 69 දෙනෙකු පසුගිය 29වනදා නිරෝධායනය සඳහා පුත්තලම සහිරා විද්‍යාලයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙතට යොමුකර තිබේ.

ඒ කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වූ පුද්ගලයෙකු එම ප්‍රදේශයෙන් හමුවීමත් සමඟයි.

ඔහු මලයාසියාවේ දේව මෙහෙයකට ද සහභාගී වි පැමිණි අයෙක්.

අදාල පුද්ගලයා පුත්තලම නගරයේ පිහිටි දේවස්ථාන තුනකට ද ගොස් ඇති අතර ඔහු ගුරුවරයෙකු බව වාර්තා වෙයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වූ නව ආසාදිතයින් 06 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ද, තිදෙනෙක් මහනුවර දිස්ත්‍රික්කයෙන්, දෙදෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ගත වූ පැය 24 තුළදී වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ, කොවිඩ් නයින්ටීන් රෝගීන් හමුවූ බේරුවල පන්නිල සහ චීන කොටුව යන ප්‍රදේශව පවුල් 51ක සාමජිකයින් නිරෝධායනය සඳහා අද කන්දකාඩු මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි.

ඒ කොවිඩ් නයින්ටීන් රෝගය අසාදනය වූ පිරිස් මෙම පවුල්වල සාමාජිකයින් සමග සබඳතා පැවැත්වීම හේතුවෙන්.

කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනයවීමෙන් දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 126ක්.

කොවිඩ් නයින්ටීන් ලෙස සැකකෙරෙන රෝගීන් ගණන 231 දෙනෙකු වන අතර එම සංඛ්‍යාව ඊයේ දිනයට වඩා 60කින් ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ පිරිස 18ක් වන අතර වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 02ක්.

මේ අතර අද පස්වරුවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.

ඒ යාපනය, මරදාන සහ කුරුණැගල යන ප්‍රදේශවලින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,425FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img