27.8 C
Colombo
Wednesday, September 10, 2025

ණය වෙලාවට ගෙවන්න…

Published:

ලබන වසරේ මාර්තු මස ගෙවීමට ඇති අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල නියමිත වේලාවට ශ්‍රී ලංකාව ගෙවනු ඇතැයි බලාපොරොත්තු වන බව බංග්ලාදේශය පවසයි.

බංග්ලාදේශයේ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර පළවූ බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා අතර සාකච්ඡා පවත්වා තිබේ.

විදේශ හුවමාරු ගිවිසුමක් යටතේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් නියමිත වේලාවට ලබාදීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකාවේ ඉල්ලීමට අනුව එම කාල සීමාව දෙවරක් දීර්ඝ කිරීමට බංග්ලාදේශය එකඟතාව පළකර තිබුණි.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී අදාළ ණය මුදල ගෙවීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇති අතර එම එකඟතාවයට අනුව නිසිකලට අදාළ මුදල් ලැබෙනු ඇති බව බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් ප්‍රකාශ කර ඇත.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් සඳහා සහභාගී වී සිටින රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත විස්තීර්ණ අරමුදල් පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවරයන් සහ ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ප්‍රවණතා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,999FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img