31.7 C
Colombo
Monday, July 7, 2025

ඩෙංගු අධි වසංගත තත්වයක්.. දිනකට රෝගීන් 400ක්.. රෝහල් පද්ධතිය පිරී යමින්….

Published:

නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ ජූනි ජූලි මාස දෙක තුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.

එවන් තත්ත්වයක් ඇති වූවොත් රෝගීන් වැඩි වී රෝහල් පද්ධතිය දරාගැනීමට නොහැකි වනු ඇති බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ වන විට දිනකට ඩෙංගු රෝගීන් 300-400ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සීඝ්‍ර වර්ධනයකි.

මේ වසරේ මෙතෙක් මෙරටින් ඩෙංගු මරණ විසි තුනක් ද වාර්තා වී ඇත.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ මෙවර ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වුවද මරණ අනුපාතය අවම වීම යම් සැනසිලිදායක තත්ත්වයක් වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img