28.4 C
Colombo
Sunday, July 6, 2025

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ලාංකිකයින් දෙදෙනා ඉන්දියාවට…

Published:

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ලාංකිකයින් දෙදෙනා ඉන්දියාවට…

‍ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම් ලා තිබූ ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඉන්දියාවට රැගෙනවිත් ඇත.

අදාල නෞකාවේ සිටි ඉන්දීය ජාතිකයින් 119 දෙනෙකු මුදාගැනිමට යොමු කර තිබූ විශේෂ ගුවන් යානයෙන් එම ශ්‍රි ලාංකිකයින් දෙදෙනා ද ඉන්දියාවට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

නව කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ පසුගිය 04වනදා සිට යොකොහමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි මගීන් ඉන් ඉවත් කර ගැනිමට රටවල් කිහිපයක්ම පියවර ගෙන තිබූ අතර ඉන්දියාව ද ඒ සඳහා විශේෂ ගුවන් යානයක් යොමු කර තිබුණි.

ඒ අනුව නෞකාවේ කාර්යය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ද එම ගුවන් යානයෙන් රැගෙනයාම සඳහා ඉන්දීය බලධාරින්ගෙන් ඉල්ලීමක් කළ බවයි ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා පැවසුවේ.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය බලධාරින් එම විශේෂ ගුවන් යානයෙන් නෞකාවේ රැඳී සිටි ඉන්දිය ජාතිකයින් පිරිස සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ද ඊයේ දිනයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත රැගෙන ගිය බව චන්දන වීරසේන මහතා පැවසුවේය.

ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඉන්දීයාවේදී දින 14ක නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණිමේ හැකියාව පවතින බව  ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img