30.6 C
Colombo
Tuesday, January 13, 2026

ටීචර් අම්මා අත්අඩංගුවට ගන්නැයි නියෝග

Published:

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු නමැත්තිය විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

 

ඇය විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි සදහන්.

 

සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු නමැත්තිය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇගේ සැමියා හා කළමනාකරු යන දෙදෙනා කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

සැකකරුවන් දෙදෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන හයේශිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img