27.8 C
Colombo
Tuesday, September 9, 2025

ජොන්ස්ටන්ට රට යන්න තහනම්…

Published:

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුකළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (11) කොළඹ මහාධිකරණය හමුවේ යළි අධිචෝදනා භාර දුන්නේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා භාරදීම සිදුවිය.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප මත දෙකක්  මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේය.

මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියම කළ විනිසුරුවරයා ඉන්පසු නඩු විභාගය නොවැම්බර් 29 වනදා තෙක් කල් තැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,908FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img