27.2 C
Colombo
Tuesday, August 26, 2025

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිය අදින් ඇරඹේ – ශ‍්‍රී ලංකාවේ කරුණු දැක්වීම 27 වැනිදා…

Published:

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිය අදින් ඇරඹේ – ශ‍්‍රී ලංකාවේ කරුණු දැක්වීම 27 වැනිදා…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අදින් (24) ආරම්භ වනවා. ලබන මාර්තු 20 වැනි දා දක්වා පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 47 ක මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලෙනු ඇති.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් එලිසබෙත් ටිචි ෆිස්ල්බර්ගර් ලබන 27 වැනිදා වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට විදේශ සබඳතා අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වය යටතේ දූත පිරිසක් ද සහභාගීවීමට නියමිතයි.

ලක් රජය ගෙන ඇති තීරණ පිළිබඳ ලබන 26 වැනිදා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමටයි නියමිතව ඇත්තේ.

මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය රවිනාථ ආරියසිංහ ජිනීවා නුවරට ගොස් සිටිනවා. 2015 – 30/01, 34/01 සහ 40/01 දරණ යෝජනා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දැක්වූ සම අනුග‍්‍රාහකත්වය ඉල්ලා අස්කර ගන්නා බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය වෙත විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ඉකුත් සිකුරාදා දැනුම් දී ඇත්තේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉකුත් දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව ද ඔහු මෙහිදී දැනුම් දුන්නා. සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත්වීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ද ඉකුත් දා ඉදිරිපත් කළ බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය රවිනාථ ආරියසිංහ එක්සත් ජාතීන්ගේ මානව හමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය වෙත දැනුම් දී ඇත්තේ.

මෙහිදී ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිමස්වරිය වෙත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් රජයේ තීරණය පිළිබඳ එම කවුන්සිලයේ සාමාජිකයින්ට ලබන බදාදා දැනුම් දෙන බවයි. මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම කවුන්සිලයේ මහ කොමසාරිස් එලිසබෙත් ටිචි ෆිස්ල්බර්ගර් හමුවීමට ද නියමිතව තිබෙනවා.

මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිය සඳහා තමන් ද එක්වන බවයි රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළේ.

මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හම්බන්තොට ප‍්‍රදේශයේදී ඊයේ අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ඉකුත් රජය ගත් වැරදි තීරණවලට එරෙහිව රට ආරක්ෂා කිරීම සඳහා මෙවර මානව හිමිකම් කවුන්සිලයේදී ප‍්‍රතිචාර දැක්වීමට වත්මන් රජයට සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img