27.8 C
Colombo
Monday, August 25, 2025

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත වෙයි…

Published:

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත වෙයි…

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් ලබාදීම සහ  ඒ සඳහා සහායට ජාතික වැටුප් කොමිෂන් සභාවක් පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ හේතුවෙන් 2019 මාර්තු 18 දින සහ වරින් වර සිදුකරන ලද සංශෝධන මඟින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව අහෝසි වනු ඇති.

රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි වැටුප් හා වේතනවල තිරසාරභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම අංශ වල වැටුප්, වේතන ඇතුළු සියලු පරිශ්‍රමික ව්‍යුහයන් සමාලෝචනය කරමින් සමස්ථ රාජ්ය  අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ශ්‍රමබල අවශ්‍යතා යෝග්‍ය පරිදි සපුරාලීම මෙහි අරමුණ වෙයි.

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුතු එම කොමිසමේ සභාපතිවරයා ලෙස උපාලි විජේවීර මහතා නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජාතික වැටුප් කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට අදාළ ගැසට් නිවේදනය ද ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img