27.8 C
Colombo
Thursday, August 28, 2025

ජාතික පාරිසරික පනත යටතේ විශාල පිරිසකට එරෙහිව නඩු…

Published:

පරිසරයට හානි කිරීමේ චෝදනාව මත ජාතික පාරිසරික පනත යටතේ මේ වසරේ ගතවූ කාලය තුළ පුද්ගලයින් 136 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතා පැවසුවේ ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා වූ කාලය තුළදී අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවය.

පසුගිය වසරේ පුද්ගලයින් 144 දෙනෙකුට එරෙහිව ජාතික පාරිසරික පනත යටතේ නඩු පවරා තිබේ.

මෙම වසරේ මේ දක්වා මධ්‍යම පරිසර අධිකාරියේ 1981 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි 1,090ක් පමණ ලැබී ඇති අතර එම පැමිණිලිවලින් පරිසර හානි කිරීම්වලට අදාළව බහුතරයක් පැමිණිලි වායු දූෂණය හා සම්බන්ධ පැමිණිලි බව වාර්තා වේ.

පසුගිය වසරේ ද වායු දූෂණය හා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති අතර එම සංඛ්‍යාව 778කි.

වායු දූෂණය සම්බන්ධයෙන් සිදුවන පරිසර හානි කිරීම්වලට අදාළව විවෘත පරිසරයේ පොලිතින් සහ ප්ලාස්ටික් පිළිස්සීම අතිශය ගැටලුකාරී තත්ත්වයක් බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img