29.5 C
Colombo
Sunday, July 6, 2025

අප වෙනස් කරමින් සිටින්නේ ඉබාගාතේ ගිය ආර්ථිකයක් – ජනපති

Published:

වත්මන් රජය විසින් වෙනස් කරමින් සිටින්නේ ඉබාගාතේ ගිය ආර්ථික සැලැස්මක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සඳහන් කළේය. ඒ් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවති ජාතික අලුත් සහල් මංගල්‍යයට ඒක්වෙමින්.

වී ගබඩා විනාශවීමට ඉඩ හැර, වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 2800ක ණය බරක සිර කර තිබෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා එම සුන් බුන් ගොඩ නැවත ප්‍රතිසංස්කරණය කර ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම වත්මන් රජය භාරගෙන තිබෙන බවද අවධාරණය කළේය.

එහිදී මෙරට කෘෂිකර්මාන්තයට අදාළ රාජ්‍ය යාන්ත්‍රණයේ සේම සමස්ත ගොවි ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවත්, මෙරට සංස්කෘතික හර පද්ධතියද ඒකාබද්ධ කර ගනිමින් කෘෂි ආර්ථිකයේ උරුමය ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් යළි අත්පත් කර ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

වාරිමාර්ග පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 02ක් වෙන් කළ බවත්, මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා සදහන් කළේය. ජානවල අයිතිය ආරක්ෂා කරමින් බීජ වලින් ස්වංපෝෂිත රටක් බිහිකිරීම සඳහා බීජ ගොවිපොළවල් සංවර්ධනය කිරීමටද රජය සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෘෂි නිෂ්පාදන සඳහා ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ මිලක් අවශ්‍ය බවත්, නමුත් දිගුකාලීනව වෙළඳපළ විකෘතිතාවයක් ඇතිව තිබෙන නිසා ඉදිරි කන්න දෙක, තුන තුළ රාජ්‍ය මැදිහත්වීමක් සිදුකර ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ මිලක් ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු කිරීමට අවශ්‍ය පියවර මෙවර අයවැය මගින් සිදු කර ඇති බවත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ගබඩා කිරීම සඳහා ධාරිතා පහසුකම් ඇති කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම තුළින් වෙළඳපොළ විකෘතිතාවය මගහරවා ගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img