28.4 C
Colombo
Tuesday, July 8, 2025

ජයලත් මනෝරත්න සමු ගනී…

Published:

ජයලත් මනෝරත්න සමු ගනී…

ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරුව සිටි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා.

වේදිකා නාට්‍ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මහතා මෙරට පේ‍්‍රක්‍ෂක හදවත් දිනාගත් විශිෂ්ඨතම රංගන ශිල්පියෙක් ලෙසයි සැලකෙන්නේ. 1976 වර්ෂයේදී සිනමාවට පිවිසි ඒ මහතා මේ දක්වා චිත‍්‍රපට 40 කට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන්නා.

හඳයා, සපත් කන්‍යා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනළ තටු, හිරිපොද වැස්ස, බඹර වලල්ල මෙන්ම ප‍්‍රවේගය, හෝගානා පොකුණ, සූම්, ඒලෙවල් සහ ගෝල් ජයලත් මනෝරත්න මහතා සිය රංග ප‍්‍රතිභාව විදහා දැක්වූ ජනපි‍්‍රය චිත‍්‍රපටවලින් කිහිපයක්.

ටෙලිනාට්‍ය 35 කට අධික සංඛ්‍යාවකට ද ජයලත් මනෝරත්න මහතා සිය රංග දායකත්වය ලබාදුන්නා.

බෝඩිම, දූදරුවෝ, මඩොල්දූව, වීදුරුමල්, සහ කන්දෙගෙදර යන රසික සිත්සතන් දිනාගත් ටෙලිනාට්‍යවලද ඒ මහතා සිය රංගන ප‍්‍රතිභාව ප‍්‍රදර්ශනය කළා.

ජයලත් මනෝරත්න මහතා රගපෑ වේදිකා නාට්‍ය 37කට අධිකයි. බොහෝ දෙනාගේ ජනාදරයට පාත‍්‍ර වූ සිංහබාහු, මනමේ, නරිබෑනා, රතු හැට්ටකාරී, ගුරු තරුව, අන්දරේලා යන වේදිකා නාට්‍ය ඔහු සිය රංගන දායකත්වය ලබාදුන් ජනපි‍්‍රය වේදිකා නාට්‍ය කිහිපයක්. සිය රංග ප‍්‍රතිභාව වෙනුවෙන් ජයලත් මනෝරත්න මහතා ජනාධිපති සිනමා සම්මාන, සරසවි, රයිගම් සහ සුමති සම්මානවලින් අවස්ථා කිහිපයකදීම පිදුම් ලැබුවා.

2004, 2007 සහ 2015 යන වර්ෂවල පැවති සරසවි සිනමා සම්මාන උළලේදී දක්‍ෂතම සහය නළුවාට හිමි සම්මාන දිනා ගැනීමට ජයලත් මනෝරත්න මහතා සමත් වුණා. 2002 සුමත් සම්මාන උළලේ සහ 2009 රයිගම් ටෙලීස් සම්මාන උළලේ දක්‍ෂතම නළුවාට හිමි සම්මාන හිමිවන්නේද ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාටයි. වසර 49 ක් ශී‍්‍ර ලංකේය කලා කෙත පෝෂණය කළ ජයලත් මනෝරත්නයන්ගේ වියෝව මෙරට කලා ක්‍ෂේත‍්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක්වීම නොඅනුමානයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,216FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img