27.2 C
Colombo
Friday, February 27, 2026

ජම්මු – කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Published:

දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම්හි සිදුවු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සමක් භාර ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ පෙත්සම තුළින් ඉල්ලා ඇත්තේ පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කරන ලෙසයි.

කෙසේ වෙතත් මෙලෙස පෙත්සම් ඉදිරිපත් කිරීම හරහා සන්නද්ධ හමුදාවන් අධෛර්යමත් වනු ඇති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ.

ජම්මු සහ කාශ්මීරයේ පදිංචිකරුවන් තුන්දෙනෙකු විසිනුයි අදාළ පෙත්සම ඉදිිරිපත් කර ඇත්තේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙතරම් බරපතල කාලයකදී ඉන්දියානුවන් එක්ව සිටිය යුතු අතර පෙත්සම්කරුවන් වගකිමෙන් යුතුව හැසිරිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img