25 C
Colombo
Thursday, August 28, 2025

ජපුර සරසවි සිසුවියකට කොවිඩ්…

Published:

ජපුර සරසවි සිසුවියකට කොවිඩ්…

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නේවාසිකාගාරවල සිටින සිසුන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ සිසුන් 50 දෙනෙකු පමණ මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවය.

කළමනාකරණ පීඨයේ තෙවන වසරේ ඉගෙනු ලබන පානදුර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකට මෙලෙස කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (09) දිනයේ අනාවරණය වී තිබේ.

මේ වනවිට ඇය ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.

අදාළ ශිෂ්‍යාව වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් ශිෂ්‍යාවක් සමඟ සිට ඇති බවට තොරතුරු අනාවරණය වන අතර එම ශිෂ්‍යාවගේ ද PCR පරීක්ෂණයක් සිදුකර ඇති බව උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img