27.8 C
Colombo
Wednesday, August 27, 2025

ජපානයට පෙරළිකාර ජයක්…

Published:

මෙවර පාපන්දු ලෝක කුසලානයේ දින 4ක් ඉක්ම යාමටත් මත්තෙන් තරගාවලියේ දෙවන පෙරළිකාර ජය වාර්තා කිරීමට ජපාන කණ්ඩායම ඊයේ (23)සමත්වුණි.

ඒ හිටපු ලෝක ශූරයන් වූ ප්‍රබල ජර්මන් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

ජර්මනිය සහ ජපානය අතර තරගය පැවැත්වුණේ මූලික වටයේ ඊ කාණ්ඩයේ පළමු තරගය ලෙසය.

පළමු අර්ධයේ 35වැනි මිනිත්තුවේදී ජර්මනියට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්වුණි.

එතැන් සිට 74 වැනි මිනිත්තුව දක්වාම ගෝල 1ට 0ක් ලෙස තරගයේ පෙරමුණ ගෙන සිටියේ ජර්මනියයි.

නමුත් 75 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ ජපානය ගෝල 1ට 1ක් ලෙස තරගය සමකිරීමට සමත්වුණි.

ඉන් නොනැවතුණු ජපානය 85 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස්කළේ කලීෆා ක්‍රීඩාංගණයට රැස්ව සිටි ජර්මන් ප්‍රේක්ෂකයන්ව නිහඬ කරමින්ය.

ජර්මන් ක්‍රීඩකයින් තරගයේ අවසන් මිනිත්තුව දක්වාම සිය අභිමානය රැකගැනීම සඳහා සටන් වැදුනද එම උත්සාහය සාර්ථක වුයේ නොවීය.

ඒ අනුව ගෝල 2ට 1ක් ලෙස ඓතිහාසික ජයක් ලැබීමට ජපාන කණ්ඩායම සමත්වුණි.

ජපානය විසින් ජර්මනිය පරාජයට පත්කළ පළමු අවස්ථාව මෙය වේ.

මෙවර තරගාවලියේ දෙවන පෙරළිකාර තරග ජය මෙය වන අතර මීටපෙර ප්‍රබල ආර්ජන්ටිනාව පරාජය කිරීමට සෞදි අරාබිය සමත්වුණි.

ජර්මනිය 2018 වසරේ පැවති පාපන්දු ලෝක කුසලානයේ පළමු තරගයේදී මේ ආකරයෙන්ම මෙක්සිකෝව හමුවෙව් පරාජයට පත්වූ අතර ඔවුන්ට එම ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවුණි.

ඒ අනුව ජර්මන් කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු වටයේ ඉතිරි තරග දෙක දැඩි පීඩනයකින් යුතුව ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,434FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img