25 C
Colombo
Thursday, August 28, 2025

ජන හා නිවාස සංගණනයක්…

Published:

ජන හා නිවාස සංගණනය ලබන වසරේ මුල් මාස කිහිපය තුළ සිදුකිරීමට සැලසුම්කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් පී.එම් ප්‍රසාද් අනුර කුමාර මහතා පැවසුවේ, එහි පළමු අදියර වන සිතියම් ගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවය.

එහි දෙවන අදියර වන ලැයිස්තු ගත කිරීම සඳහා නිලධාරින් පුහුණු කිරීම, මේ මස සහ ලබන මස සිදුකිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ සහාය හිමිවන බව ද ප්‍රසාද් අනුර කුමාර මහතා සඳහන් කළේය.

ලැයිස්තු ගත කිරීමේ ක්‍රියාවලියෙන් පසු ජන හා නිවාස සංගණනය ලබන වසරේ මුල් මාස කිහිපය තුළ සිදුකිරීමට නියමිතය.

මේ සඳහා සියලු පෞද්ගලික ආයතනවල සහ ජනතාවගේ නොමද සහාය අපේක්ෂා කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

මීට පෙර ජන හා නිවාස සංගණනය 2012 වසරේ සිදුකර ඇති අතර වසර 10කට වරක් සංගණනයක් සිදුකළ යුතු වුවද පැවැති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංගණනය සිදුකිරීමට නොහැකි වූ බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img