26.1 C
Colombo
Tuesday, January 20, 2026

ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනපති එක්වෙයි…

Published:

සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට සංවිධානය කළ විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරුණා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ගායන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසගංයක් ඊයේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ වූණා.

නත්තල් අසිරිය විඳ ගැනීමට ජනතාවට අවස්ථාවක් සලසා දෙමින් මෙය සංවිධානය කර තිබූ අතර ජාති, ආගම් බේදයකින් තොරව අති විශාල ජනතාවක් ජනාධිපති කාර්යාලය අවට සහ කොළඹ ගාලු මුවදොර පිටියට රැස්ව සිටියා.

මේ අතර නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට පැමිණි පිරිස සමඟ සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිවරයා මෙහිදී අමතක කළේ නැහැ.

මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය දෙසැම්බර් 23 වනදා දක්වා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ තූර්ය වාදන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් තූර්ය වාදන සංදර්ශනයක් ද පැවැත්වෙන අතර, එම සංදර්ශණය සහ සැණකෙළි භූමියේ ඉදිකර ඇති විශාල නත්තල් ගස දැක බලා ගැනීමේ අවස්ථාව මහජනතාවට හිමි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img