31.7 C
Colombo
Monday, July 7, 2025

ජනවාරි 01 දා සිට පුද්ගලික බස්රථවල ඝෝෂාකාරී සංගීතයට තිත…

Published:

ජනවාරි 01 දා සිට පුද්ගලික බස්රථවල ඝෝෂාකාරී සංගීතයට තිත…

මගී ප්‍රවාහන බස්රථවල වාදනය වන අධික ශබ්දයෙන් යුත් ගීත වෙනුවට සුභාවිත ගීත හඳුන්වා දීම සඳහා කටයුතු කරන්නැයි ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට නියමිතයි.

ඊට අමතරව බස්රථයේ ගමන්ගන්නා මගීන්ට වැදගත් පණිවුඩ රැසක් සහිත විඩීයෝ පට හඳුන්වා දීමටයි තීරණය කර ඇත්තේ. දැනට මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇති බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත මගී ජනතාවට බරපතල හිරිහැරයක්ව ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. ඒ, සිංහල, දෙමල හා මුස්ලිම් මගී ජනතාවගෙන් 15,000ක නියැදියක් ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යයනයකින් පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,214FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img