27.2 C
Colombo
Wednesday, August 27, 2025

ජනවාරි මාසයේ සිට බිල්පත් නොගෙවූ අයගේ විදුලිය විසන්ධි කරනවා – විදුලි බල මණ්ඩලය…

Published:

ජනවාරි මාසයේ සිට බිල්පත් නොගෙවූ අයගේ විදුලිය විසන්ධි කරනවා – විදුලි බල මණ්ඩලය…

කොවිඩ් 19 පැවති කාලය තුල බිල්පත් ගෙවා ගත නොහැකි වූ පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරිමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලි සැපයුම විසන්ධි කිරිමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද ඒ සඳහා ප්‍රමාද ගාස්තුවක් අය නොකරන බවත් රට මේ වන විට සාමාන්‍ය අතට පත්ව ඇති බැවින් ජුනි මාසයේ විදුලි බිල්පත් ගෙවීම සාමාන්‍ය පරිදි සිදුකළ හැකි බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

පෙබරවාරි මාසය හා ඊට පෙර මාස වලට සාපේක්ෂව කොවිඩ් 19 ඇඳිරි නීතිය පැනවීම නිසා මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල ගෘහස්ථ විදුලි පරිභෝජනය ඉහළ ගොස් ඇත.

මාර්තු සහ අප්‍රේල් මාස වල නිකුත් කළ ඇස්තමේන්තු බිල්පත් නිසා විදුලි ගාස්තු සම්බන්ධව ගැටලුවක් පැන නගින්නේ මැයි මාසයේදී නිවැරදී බිල්පත් නිකුත් කිරීම නිසා වෙන් බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

අවසානයට ඉදිරිපත් කර ඇති බිල්පත නිවැරදි බවත් වැඩි ගාස්තුවක් අය කර ඇති බව පෙනී ගියත්, බිල්පත් ගාස්තු අයකර ඇත්තේ භාවිතා කළ විදුලි ඒකක ගණන සඳහා පමණක් බවයි විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන්නේ.

සෑම විදුලි පාරිභෝගියෙක් වෙනුවෙන් විදුලි ගිණුමක් විදුලි බල මණ්ඩලය සතුව ඇති බැවින් යම් හෙයකින් පාරිභෝගිකයෙකු වැඩිපුර ගාස්තුවක් ගෙවා තිබුනත් එම ගාස්තුව යලි අයකර ගැනීමට හැකි බවත්, එසේත් නැත්නම් ඉදිරි විදුලි බිල් පත් වලට එය හිලව් කිරිමට හැකියාව ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img