30.6 C
Colombo
Sunday, September 7, 2025

ජනපති හෙට ජපානය බලා…

Published:

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

දෙදින නිල සංචාරයක් සඳහා ජපානය බලා යන ජනාධිපතිවරයා, අභාවප්‍රාප්ත එරට හිටපු අග්‍රාමාත්‍ය ෂීංසෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට ද සහභාගීවීමට නියමිතයි. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා, ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා. මෙම සංචාරය නිමවීමෙන් අනතුරුව ලබන 30 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,514FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img