27.2 C
Colombo
Tuesday, August 26, 2025

ජනපතිගේ දින සියය ආදර්ශය මගින් ආකල්ප වෙනසකුත් කරයි…

Published:

ජනපතිගේ දින සියය ආදර්ශය මගින් ආකල්ප වෙනසකුත් කරයි…

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස වැඩ ආරම්භ කර අදට (25) දින සියයක් වනවා. රට සීඝ්‍ර සංවර්ධනයකට කැටුව යන හැරවුම් ආරම්භයක් ලබාගැනීමට මෙම දින සියයේදී හැකි වූ බවයි රජය පෙන්වා දෙන්නේ.

ආදර්ශය මගින් ආකල්ප වෙනසක් ඇති කිරීමටද ගත වූ දින සියයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හැකි වූ බව මෙහිදී සඳහන් කෙරුණා.

ජාතික ආර්ථිකයක් තහවුරු කිරීම සඳහාද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය පළමු දින සියයේදී වැදගත් තීරණ කිහිපයකට එළඹුණා. රුපියල් මිලියන 300 නොඉක්මන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේදී ඇප දේපළ වෙන්දේසි කිරීම වහාම අත්හිටුවීම, දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය කිරීම සඳහා වැලි, පස් හා මැටි ප‍්‍රවාහනය සදහා වූ බලපත‍්‍ර ක‍්‍රමය අහෝසි කිරීම සහ සරුංගල් පහන් කූඩු වැනි නිෂ්පාදන ආනයනය පාලනය කිරීමට නීති සැකසීම එවැනි තීරණ කිහිපයක්.

තිරිගු පිටි ඒකාධිකාරය බිද දැමීමටත් ගම්මිරිස් සහ කුරුදු ඇතුළු සුළු අපනයන බෝග ආනයනය නතර කිරීමටත් මහකන්නයේදී වී සදහා කිලෝග‍්‍රැම් එකකට රුපියල් 50 ක අවම මිලක් සහතික කිරීමටත් පියවර ගැණුනා.

නිවසක් නොමැති දුගී පවුල් තෝරාගෙන ග‍්‍රාම සේවා වසමකට එකක් බැගින් නිවාස 14,000 ක් ඉදිකරදීම, ග‍්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්‍ෂයක් සංවර්ධනය කිරීම, දුරකතන ගාස්තු මත අය කෙරුණු බද්ධ සියයට 25 කින් අඩු කිරීමද, වැට් බද්ද සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කිරීමද මෙම දින සියයේදී ජනාධිපතිවරයා ගත් තවත් ජනහිතවාදී තීරණ කිහිපයක්.

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් දහසක් දක්වා වැඩි කිරීමටද තීරණය කර තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ ස්වාධිපත්‍ය රැක ගැනීම සඳහාද ජනාධිපතිවරයා ඉතා  ඕනෑකමින් කටයුතු කරන බවයි මෙහිදී සිහිපත් කෙරුණේ. ආන්දෝලනාත්මක MCC ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකර නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කෙරුණේද, රටට එරෙහිව කි‍්‍රයාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට වැඩි ගණනක් නියාමනය සඳහා පියවර ගැණුනේද ඒ අනුවයි.

අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ උන්නතිය උදෙසාද සිය ධුර කාලයේ පළමු දින සියයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැදගත් තීරණ කිහිපයකට එළැඹුණා. පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරිමත් ජාතික ආරක්‍ෂක විද්‍යායතනයක් ස්ථාපිත කර ජාතික ආරක්‍ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සැකසීමත් ඊට උදාහරණයි.

රැකියා විරහිත සියළු උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනක් ද ආරම්භ කෙරුණා. ඉතා දිළිදු පවුල්වල සුදුසුකම් නොමැති තරුණ තරුණියන්ට කාර්ය සාධන බලකායක් යටතේ රැකියා ලක්‍ෂයක් ඇති කිරිමද මෙම දින සියයේදී ජනාධිපතිවරයා එළැඹි විප්ලවීය තීරණයක්.

සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මත පදනම්ව ඉදිරියේදී ජනහිතවාදී තවත් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටිනවා.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනහිතකාමී වැඩපිළිවෙලට සියළු පාර්ශ්වවල සහය ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,413FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img