30.6 C
Colombo
Sunday, September 7, 2025

ජගත් සංවිධාන නියෝජිතවරියක් ශ්‍රී ලංකාවට…

Published:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු නියෝජිත සින්ඩි මැකේන් අද දිවයිනට පැමිණියා. ඒ, සිව්දින නිල සංචාරයක් සදහායි.

දෝහා සිට පැමිණි ගුවන් යානයකින් ඇය කටුනායක ගුවන් තොටුපළ වෙත ලගා වූ බවයි වාර්තාකරුවන් පැවසුවේ. සින්ඩි මැකේන් සමග එම සංවිධානයේ උසස් නිලධාරීවරයෙකු ද මෙරටට පැමිණ ඇති බව ද වාර්තාකරුවන්  සඳහන් කළා.

ඔවුන් පිළිගැනීම සඳහා මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබෙනවා. සින්ඩි මැකේන් සහ ඇය සමග පැමිණි උසස් නිලධාරියා ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,514FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img