28.4 C
Colombo
Tuesday, July 8, 2025

චීනෙන් – අමෙරිකාවෙන් සහ රුසියාවෙන් විශේෂ නියෝජිතයෝ ලංකාවට පැමිණේ…

Published:

චීනෙන් – අමෙරිකාවෙන් සහ රුසියාවෙන් විශේෂ නියෝජිතයෝ ලංකාවට පැමිණේ…

චීන විදේශ අමාත්‍ය වෑන් යී (Wang yi ) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (13) දින රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එතුමා සමග දූත පිරිස 16 දෙනෙකු ද පැමිණ සිටි බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිස චීනයට අයත් විශේෂ ගුවන් යානයකින් රාත්‍රී 11.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තානාපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ( Alice wells ) ශ්‍රී ලංකාවේ  දෙදින නිල සංචාරයක් සඳහා අද (14) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඇලිස් වෙල්ස් සමග දූත පිරිස තිදෙනකු ද පැමිණ තිබෙනවා.

තවද රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Serjev Lavrov ) ද මේ වන විට ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා පැමිණ තිබෙනවා.

ඒ දූත පිරිස 42 ක් ද සමගයි.

අද (14) දින උදෑසන 6.35 ට රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පිරිස පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තානාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,216FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img