27.2 C
Colombo
Monday, July 7, 2025

චීනය සහ සෞදියේ ජෙඩා දක්වා ගුවන් ගමන් නතර කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කරයි…

Published:

චීනය සහ සෞදියේ ජෙඩා දක්වා ගුවන් ගමන් නතර කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කරයි…

ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය හේතුවෙන් මාර්තු මස 10 වෙනිදා සිට මාර්තු 30 වෙනිදා තෙක් චීනය දක්වා සිදු කරන ගුවන් ගමන් නතර කිරිමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

මේ අතර මාර්තු මස 15 වෙනිදා සිට අප්‍රේල් 30 වෙනිදා දක්වා කාල සීමාව තුල ශ්‍රී ලංකාවේ සිට සෞදි අරාබියේ ජෙඩා දක්වා වන ගුවන් ගමන් නතර කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ සෞදි අරාබි සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පනවා තිබෙන නියෝගයක් මතයි.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් කිසිදු විදෙශිකයෙක්ට සෞදි අරාබියට ඇතුල්වීම තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත් සෞදි අරාබියේ රියාද් සහ දමාම් දක්වා වන ගුවන් ගමන් සේවාවන් දිගටම ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img