21.7 C
Colombo
Tuesday, January 20, 2026

චීනයෙන් ඩීසල් ලීටර් කෝටියක්.. ගොවීන්ට ධීවරයින්ට නොමිලේ…

Published:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර ඇත. චීන ආධාර යටතේ මෙරටට හිමිවන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඉන්ධන තොගය දෙසැම්බර් මස වන විට මෙරටට ලැබීමට නියමිත බැවින් අස්වනු නෙළන අවස්ථාවේදී ගොවීන්ට එම ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බවය.

අදාළ ඉන්ධන ගොවීන්ට නොමිලේ ලබාදෙන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ, යම්කිසි ප්‍රදේශයක සී සෑම හෝ අස්වනු නෙළීමේදී ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් දිස්ත්‍රික් ලේකම්වරු හමුවී ඊට පිළියම් යොදා ගත හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img