31.1 C
Colombo
Friday, February 27, 2026

චම්පික අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි …

Published:

චම්පික අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වහාම සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නැයි ජාතික පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වන පරිදි පොලීසිය කටයුතු කර ඇති බව නියෝජ්‍ය කතානායකවරයා විසින් ඊයේ ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් මගින් දන්වා තිබිණි. නියෝජ්‍ය කතානායකවරයා පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

එම ඉල්ලීමට අනුව අදාල අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කළ බවයි පොලිස් කොමිසම පවසන්නේ. වැඩබලන පොලිස්පතිරවයාගේ වාර්තාව ලැබීමෙන් පසු එම වාර්තාව අධ්‍යයනය කර ඉදිරි පියවර ගන්නා බවද පොලිස් කොමිසම පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img