29.5 C
Colombo
Wednesday, September 3, 2025

චන්දිමාල්ගෙන් ද්විත්ව ශතකයක්…

Published:

චන්දිමාල්ගෙන් ද්විත්ව ශතකයක්…

සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් අද සමත් වුණා. ඒ, සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය වූ අද දිනයේදීයි.

පන්දු 326කදී සිය ඉණිම ගොඩනැගූ චන්දිමාල් හතරේ පහර 16ක් සහ හයේ පහර 05ක් ඊට එක් කළා. පළමු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් අද දිනයේ දැවී ගියේ ලකුණු 554කටයි. ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 206ක් රැස් කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු පළමු ඉණිමට වඩා ඉදිරියෙන් සිටින ලකුණු ගණන 190ක් ක්. සිය දෙවන ඉණිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවකු නොදැවී ලකුණු 09ක් රැස් කරගෙන සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,500FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img