30 C
Colombo
Thursday, July 17, 2025

ගෝඨාභය වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීතිපති කියයි…

Published:

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගතයුතු පියවර නොගැනීම හේතුවෙන් රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තමා තවදුරටත් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොණුකළ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට මෙම දැනුම්දීම සිදු කළේය.

යසන්ත කෝඳාගොඩ,ඒ.එච්. එම්. ඩී නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img