26 C
Colombo
Friday, October 17, 2025

ගොවියා ට රුපියල් 20,000ක ආධාරයක්…

Published:

එළඹෙන යල කන්නය ආරම්භයේදී ගොවීන්ට මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ කාබනික පොහොර මිලදී ගන්නා සෑම ගොවි මහතෙකු සඳහාම හෙක්ටයාරයකට රුපියල් 20,000ක ආධාර මුදලක් ලබාදීමටත් රජය කටයුතු කරන බවය.

“ඉන්ධන ලීටර් මිලියන 10.6ක් අපිට පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබෙනවා. ඒ ඉන්ධන ගොවීන්ට අස්වනු නෙළීමට නොමිලේ ලබාදෙනවා.” 

“ඒ වගේම ගොවීන් සියලුම දෙනාට කාබනික පොහොර ගන්න හෙක්ටයාරයකට රුපියල් 20,000ක මුදලක් අපි ආධාරයක් ලෙස දෙනවා. ගොවියා කැමැත්තෙන් මිලදී ගත්තොත් ඒ ගත්තු සමාගමට තමයි ගෙවීම කරන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,275FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img