28.4 C
Colombo
Sunday, July 6, 2025

ගොවිබිමට පුනරුදය ඇරඹෙයි

Published:

‘ගොවිබිමට පුනරුදය’ අද (29) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

 

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000 ක් සඳහා ගොවි සංවිධාන 1,000 ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000 ක් ලබාදීම මේ යටතේ සිදුකෙරේ.

 

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධාන 1,000ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 1,000ක් සලකා බලා, එම පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ.

 

මැතිවරණ කටයුතු අවසන් වූ පසුව මැයි 15 වැනිදා සිට මෙම කොන්ත්‍රාත් ප්‍රදානය ආරම්භ කිරීමට නියමිතයි.

 

ඒ අනුව ගොවි බිමට පුනරුදයේ තාක්ෂණික කටයුතු මේ දිනවල සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img