30 C
Colombo
Wednesday, September 3, 2025

ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් තබයි…

Published:

ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් තබයි…

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද ගිවිසුම් අත්සන් කරනු ලැබ තිබෙනවා.

මුළු තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 Litro සමාගම විසින් ලබා දී ඇත.

මෙම තොගය මාස හතරකට රටට සැපයීමට ප්‍රමාණවත් වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර සිටින්නේ.

ගැස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇත. මෙයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇත.

ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර බෙදා හැරීම වහාම ආරම්භ කරන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,496FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img