25 C
Colombo
Thursday, August 21, 2025

ගාසා මානුෂීය පදනමේ විධායක අධ්‍යක්ෂකවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි

Published:

ගාසා මානුෂීය පදනමේ ප්‍රකාශක සහ විධායක අධ්‍යක්ෂකවරයා වන ජේක් වුඩ් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සංවිධානය මානුෂීය මූලධර්මවලට අනුකූලව මෙහෙවරක් ඉටු කළ නොහැකි බැවින් ඔහු මෙලෙස ඉල්ලා අස්ව ඇති බවයි.

ගාසා මානුෂීය පදනම ජිනීවාහී පිහිටා ඇති අතර, එහි පළමු දින 90 තුළ ආහාර මිලියන 300 ක් පමණ ගාසා තීරය වෙත බෙදා හැරීමට පොරොන්දු වී ඇති බව සඳහන්.

එමෙන්ම, ඉවත් වීමට පෙර, ජේක් වුඩ් පවසා ඇත්තේ, ඔහු විසින් ගාසා තීරයේ ජනතාව සහ අනෙකුත් කාර්යයන් පිළිබදව තමා කළ මෙහෙය සම්බන්ධයෙන් ආඩම්බර වන බවයි.

කෙසේ වෙතත්, ගාසා තීරයට ආධාර සැපයීම පුළුල්ව, කඩිනම්ව සහ වෙනස්කම් කිරීමකින් තොරව ආධාර ලබා දීම සඳහා නව්‍ය නව ක්‍රම ගවේෂණය කරන ලෙස ගාසා මානුෂීය පදනමේ විධායක අධ්‍යක්ෂකවරයා, ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img