ගාසා තීරයේ රෆාහි ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමකින් පලස්තීන වැසියන් 31 දෙනෙකු මියගොස් තවත් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ බොහෝ පිරිසක් දකුණු ගාසා තීරයේ රතුකුරුස සංවිධානයට අයත් ක්ෂේත්‍ර රෝහලකට ඇතුළත් කරගත් බව එම රෝහල පවසයි.
මෙම වෙඩි තැබීම ඊශ්‍රායලය විසින් සිදුකළ බවට හමාස් සංවිධානය චෝදනා කරයි.
කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ තමන් සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාරයන් එල්ල නොකළ අතර අවිගත් මුහුණු ආවරණ පැළඳි පිරිසක් ජනතාව ඉලක්ක කර ප්‍රහාරය එල්ල කළ බව ඩ්‍රෝන දර්ශන මගින් සනාථ වූ බවයි.
මෙම පරස්පර ප්‍රකාශ හේතුවෙන් මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පවසයි.