27.2 C
Colombo
Friday, September 5, 2025

ගාලු මුවදොර අරගලය ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්…

Published:

ගාලු මුවදොර අරගලය ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්…

සාමකාමී,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළිත් තහවුරු කර ඇති බව පසුගිය සිකුරාදා කොළඹ දි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත.

නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටින්නේ.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය යන දෙකම රජය විසින් තහවුරු කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ.

රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපළ වෙනත් අරමුණුවලට බාධා කිරීමට විරෝධතාකරුවන්ට අවසර ලබා නොදෙන බව ඇමරිකානු සිවිල් නිදහස සංගමය ලබා දුන් උපදෙස්වල සඳහන් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කර සිටියා.

දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරය තුළ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කරන ලදී.

විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය වැනි කොළඹ ඇතුළත පහසුකම් සියල්ල ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා ලබා දෙන ලදී.

GotaGoGama විරෝධතා අඩවිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට පිළිතුරු දෙමින්, වැරදි සමාජ මාධ්‍ය වාර්තාවලට අනුව එය ආරක්ෂක අංශ විසින් ඉවත් කර නොමැති බව පැහැදිලි කරන ලදී.

තවද, පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සියලු දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළුව අනුගමනය කරන නීතිමය මාර්ග පිළිබඳවද නීතිපතිවරයා විසින් සහභාගිවන්නන් දැනුවත් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,511FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img