26 C
Colombo
Friday, October 17, 2025

කෝලිගේ ව්‍යාජ පන්දු රැකීම ගැන බංග්ලාදේශ උපනායකයාගෙන් චෝදනාවක්…

Published:

ඉන්දියාව සමග ඊයේ (02) පැවැති තරගයේ පරාජයට පිටියේ සිටි විනිසුරුවන් සහ විරාත් කෝලි වගකිවයුතු බව බංග්ලාදේශ කණ්ඩායමේ උප නායක නුරුල් හසන් චෝදනා කරයි.

නුරුල් හසන් පවසන්නේ බංග්ලාදේශ ඉනිමේ 07වැනි පන්දුවාරයේ විරාත් කෝලි සිදුකළ ව්‍යාජ පන්දුරැකීම පිළිබඳ විනිසුරුවන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බරපතළ වරදක් බවය.

ලිටන් ඩාස් විසින් ඩීප් පොයින්ට් කලාපයට පහරක් එල්ල කරමින් ලකුණු 2ක් සම්පූර්ණ කරගනිද්දී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි ආර්ෂ්දීප් සිං පන්දුව රැකගෙන කඩුලු රකින්නා වෙත යොමු කළේය.

ආර්ෂ්දීප් සිං පන්දුව යොමුකරන අතරතුර පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි විරාත් කෝලි පන්දු රකින්නාගේ අන්තයට පන්දුව යොමුකරන ආකාරයට රඟපෑමක් සිදු කළේය.

ක්‍රීඩකයින් මුලා කරමින් ව්‍යාජ පන්දුරැකීමේ ඉරියව්වක නිරතවීම ක්‍රිකට් නීතිපොතේ 41.5 වගන්තියට අනුව වරදක් වන අතර එවන් වරදකදී පන්දුවට පහරදෙන කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබාදීමට විනිසුරුවන්ට හැකියාව තිබේ.

විරාත් කෝලි සිදුකළ එම වරදට එරෙහිව දඬුවම් ලකුණු 5ක් ලබාදුන්නේ නම් බංග්ලාදේශයට තරගය සමකිරීමට හෝ තරගය ජයගැනීමට අවස්ථාවක් තිබූ බවට නුරුල් හසන් පෙන්වා දෙයි.

නුරුල් හසන් එලෙස චෝදනා කළේ බංග්ලාදේශය ඊයේ ඉන්දියාව හමුවේ පරාජයට පත්වූයේ ලකුණු 5කින් වීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,275FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img